May 04, 2024

සූරියවැව කළු කොඩි රැගෙන උද්ඝෝෂණයක්

September 04, 2015

මත්තල ගුවන්තොටපොළේ මගී භාණ්ඩ ගබඩාවක ප්‍රදේශයේ ගොවීන්ගේ වී ගබඩා කිරීම නතර කරන්නැයි ඉල්ලමින් සූරියවැව නගරයේ කළු කොඩි රැගත් පිරිසක් අද (04) උද්ඝෝෂණයක් පැවැත්විය.

දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, සූරියවැව ප්‍රාදේශීය සභාපති ජේ.ඒ. ජනක සහ උප සභාපති සුගත් ගාමිණී මහත්වරුද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

සූරියවැව නගරයේ කඩ සාප්පු වැඩි හරියක් වසා දමා ඇති බවද වාර්තා වේ.

කඩ විවෘත කරන ලෙස පොලිසිය කඩහිමියන්ගෙන් ඉල්ලීමක් කළත් එය පළක් නොවූ බව වාර්තා වේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

 

Rate this item
(2 votes)
Last modified on Friday, 04 September 2015 15:53