May 16, 2024

ලක්ෂ 04 ක දුම්වැටි රාජසන්තකයි 

September 03, 2015

රුපියල් 441,400 වටිනා විදේශීය සිගරට් 44,140 ක් ගමන් මලුවල සඟවාගෙන සාජා සිට පැමිණි ශ්‍රී ලාංකික යුවළක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 408 දරණ ගුවන් යානයෙන් මොවුන් මෙරටට පැමිණ ඇත.

මෙම ශ්‍රී ලාංකික යුවළ කොළඹ 12 පදිංචි, 40 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බවත් දුම්වැටි තොගය රාජසන්තක කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

ටී.කේ.ජී කපිල

Rate this item
(0 votes)