May 02, 2024

වසරක් ඇතුලත නව ව්‍යවස්ථාවක් - කරූ පවසයි

September 03, 2015

පසුගිය ජනපතිවරණයේ දී ශ්‍රී ලංකාවාසී ජනතාවට පොරොන්දු වූ පරිද්දෙන්ම ව්‍යවස්ථා සංශෝධන ඇතුළු ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිණිස කැපවන බව නව කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇත.

වසරක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, මැතිවරණ ක්‍රමය ද සංශෝධනය කිරීම නව පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්ෂ නායකයන්ගේ අභිලාශය බවයි, කතානායකවරයා අවධාරණය කොට ඇත්තේ.

ඒ හැරුණු කොට පසුගිය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නොහැකි වුනු තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත ඇතුළු පනත් ගණනාවක් දැනටමත් සූදානම් කොට පවතින බැවින් 'fast track' හෙවත් 'කඩිනමින් සම්මත කරගැනීම' නව ආණ්ඩුවේ අභිලාශය බව කතානායකවරයා පවසා තිබේ.

Rate this item
(0 votes)