May 02, 2024

ගෝඨා ඇතුළු රජයේ හිටපු ලොක්කන් 8ක්‌ අද ජනපති විමර්ශන කොමිසම හමුවට

September 03, 2015

රජයේ මුදල් අවභාවිතය, මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා රැසක්‌ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පසුගිය රජයේ තනතුරු දැරූ 08 දෙනකු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවට අද (03) සහ හෙට (04) කැඳවීමට නියමිත බව වාර්තාවේ.

මෙම විභාගය සඳහා කැඳවූවන් අතර රක්‌නා ලංකා ආරක්‍ෂක අංශයේ නිලතල දැරූ මේජර් ජනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු, එගොඩවෙල, ඒ. සොයිසා, හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, බස්‌නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර, දෙහිවල ගල්කිස්‌ස නගරාධිපති ධනසිරි අමරතුංග මහත්වරුන්ද සිටින බව ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පවසයි.

මෙම දූෂණ වංචා සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම දීර්ඝ විමර්ශනයක්‌ සිදුකර තිබිණි. එම විමර්ශන කටයුතු මේ වන විට නිමවී ඇති අතර චෝදනා ලැබූවන්ට එරෙහි සාක්‍ෂි විභාගය හෙට සිට ආරම්භ කෙරේ.

රක්‌නා ලංකා ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 550 දෙනකු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම එහි රාජකාරි ආවරණය සඳහා සියලු ආරක්‍ෂක අංශ නිලධාරීන් යොමු කිරීම, ඇවන්ගාර්ඩ් ආයතනයට යුද හමුදාවේ අවි ආයුධ ලබාදීම ඒ සඳහා රජයට ලැබිය යුතු මුදල් ලබා නොගැනීම, නිත්‍යානුකූල නොවන ආකාරයට රක්‌නා ලංකා ආයතනයට නිලධාරීන් පත් කිරීම, රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

(දිවයින)

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 September 2015 08:05