May 02, 2024

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න ඉල්ලා හිටපු ඇමති උසාවි යයි

September 03, 2015

පරාජිත   අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්  ඩී යූ ඩබ්ලිව් ගුණසේකර මහතා විසින් ඊයේ දින (03) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කරන ලදී

තමන්ව  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි ද ගුණසේකර මහතා සිය පෙත්සමින් ඉල්ලා ඇත.

මැතිවරණ කොමසාරිස් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Rate this item
(1 Vote)