April 27, 2024

පැහැර ගැනීම් ගැන මඩකලපු ජනතාව ජනපති කොමිසමට සාක්ෂි දෙයි

එල්ටිටීඊය තමන්ගේ ඥාතීන් පැහැර ගෙන ගිය බවත් මෙතෙක් ඔවුන් නිදහස් කර නොමැති බවත් කලවංචිකුඩියේ පැවැති අතුරුදන් වූවන් සොයා ගැනීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ දෙමළ ජනතාව සාක්ෂි දෙමින් සඳහන් කර තිබේ.

එසේ ම තවත් පුද්ගලයින් හමුදාව පැහැරගෙන ගිය බව ඔවුහු පවසා තිබේ.

කලවංචිකුඩි හා වෙල්ලාවෙලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අතුරුදන් වූවන් සොයා ගැනීමේ ජනාධිපති කොමිෂමේ පරීක්ෂණ දින 02 ක් පුරා කලවංචිකුඩි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී කොමිෂමේ සභාපති විශ‍්‍රාමලත් විනිසුරු මැක්ස්වෙල් පරාක‍්‍රම පරණගමගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් විය.

දින 02 තුළ දී ඉල්ලුම්පත් 250 ක් පිළිගත් අතර ඉන් 701 දෙනෙකු කැඳවා තිබේ. ඊයේ (24) වාලච්චේන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු කෙරිණ.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)