May 01, 2024

'ජවිපෙ නායකත්වයෙන් අනුර ඉල්ලා අස්විය යුතුයි' - සෝමවංශ (VIDEO)  

හෘද සාක්ෂියක් තිබේනම් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව ජනතා සේවක පක්ෂයේ ලේකම්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“කෝටි ගණන් කළු සල්ලි මුදලාලිලාට යටවෙලා. එක්සත් ජාතික පක්ෂයට යටවෙලා. අධිරාජ්‍යවාදීන්ට හොඳට අනුගත වන පක්ෂයක්. ඒ නිසා හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවනම්. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැන් ඉල්ලා අස්වෙන්න.“

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)