May 02, 2024

නව අගමැති ලේකම් ධූරය සමන් ඒකනායකට 

නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක මහතා පත් කෙරේ. 

ඒ මහතා අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. 

මීට පෙරද අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පාරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත. 

යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ කටයුතු, මුදල් යන අමාත්‍යාංශයන්හි සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ තනතුරු දරා ඇති ඔහු මැලේසියාවේ සහ එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වලද සේවය කර ඇත.

එක්සත් ජාතින්ගේ මානව ජනාවාස වැඩසටහනෙහි ශ්‍රී ලංකා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙසද සමන් ඒකනායක මහතා සේවය කර තිබේ. 

Rate this item
(0 votes)