May 02, 2024

බ්‍රිතාන්‍ය හිටපු අගමැති ජනපති හමුවෙයි

පෞද්ගලික සංචාරයක් සදහා මෙරටට පැමිණි ටෝනි බ්ලෙයාර් මහතා අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබදවද ටෝනි බ්ලේයාර් මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය. 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලබා ඇති දියුණුවද අගය කළ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)