May 02, 2024

'ඒවා ඕනෑ නෑ' - ප්‍රශ්න කිරීමෙන් පසු ගෝඨා කියයි 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද (24) පැය හයක් පමණ ප්‍රශ්න කළේය.

බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම කොමිසම පිහිටුවා ඇත.

එම ප්‍රශ්න කිරීම අවසානයේ ඔහු පිටවයාමේදී කුමක් ගැන ප්‍රශ්න කළේද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ රක්නා ලංකා සමාගම ගැන ප්‍රශ්න කළ බවයි.

‘ඔයගොල්ලොන්ට දැන් නිව්ස් නැහැනේ.‘ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසී ය.

‘ඔබ මොනවද කීවේ‘ යනුවෙන් මාධ්‍යවේදීහු ඇසූ ප්‍රශ්නයේදී ඔහු පැවසූවේ ‘ඒවා කියන එක හරි නැහැනේ. ඒවා ඕනෑ නෑ‘ යනුවෙනි.

නැවත කැඳවීමක් කර ඇතිදැයි ඇසු විට එවැන්නක් දැනුම් නොදුන් බවද ඒ මහතා පැවසීය.

රක්නා ලංකා සමාගම යනු විශ්‍රාමික හා හමුදාවෙන් ඉවත් වූ පිරිස්වලින් සමන්විත සමාගමකි.

 

Rate this item
(1 Vote)