May 07, 2024

ගෙම්බෙක් නිසා සිදු වූ අනුවේදනීය මරණයක්

බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ඇළකට පෙරලීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් කාන්තාවක් මරණයට පත් ව තිබේ.

ත්‍රීරෝද රථය අතරගල්ලෑව ප්‍රදේශයේ සිට බකමූණ දක්වා ධාවනය වෙමින් තිබිය දී බකමූණ නගරයට යාම සඳහා අතරමගදී ත්‍රීරෝද රථයට ගොඩවුණු කාන්තාවක් මෙලෙස මරණයට පත් ව ඇත.

ත්‍රීරෝද රථය ඉදිරියට ගමන් කරන අතරතුර එහි ඉදිරිපස වීදුරුවේ සිටි ගෙම්බෙකු ඉවත් කිරීමට ත්‍රීරෝද රථ රියැදුරු උත්සාහ කිරීමේ දී එම ගෙම්බා ඔහුගේ ඇඟට පැන ඇති අතර එවිට රථය පාලනය කර ගත නොහැකි ව ඇළට පෙරලී තිබේ. 

ඒ වනවිට ත්‍රීරෝද රථයේ අවුරුද්දක් වයසැති දරුවෙක්, අවුරුදු එක හමාරක දරුවෙක්, අවුරුදු 09 ක් දරුවෙක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් ගමන් කර තිබේ. 

එම අනතුරින් ඔවුන් තුවාල ලබා ඇති අතර මරණයට පත් කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් ව ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

පොළොන්නරුව - සමීර ධනංජය

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 August 2015 17:22