May 07, 2024

වැටුප් ඇතුළු සියලු සම්පත් ලබා දුන්නේ කාටද? - ප‍්‍රසන්න මහ ඇමතිකමට සමුදෙමින් කියයි

තමා පළාත් සභාව නියෝජනය කළ වසර 22ක කාලය තුළ දී තමන්ට වැටුප් ඇතුළු සියලු සම්පත් ලබා දුන්නේ රටේ ජනතාව බැවින් ඔවුන් වෙනුවෙන් ඉටුකළ යුතු සියලු යුතුකම් සැමදා නොපිරිහෙලා ඉටු කරන බව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පළාත් ප‍්‍රධාන අමාත්‍යධූරයට සමුදීම වෙනුවෙන් බස්නාහිර පළාත් සභා ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කොළඹ 07, ශ‍්‍රාවස්ති මන්දිරයේ පිහිටි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාල පරිශ‍්‍රයේ සංවිධානය කළ උපහාර උළෙල අමතමිනි.

පළාත් අධ්‍යාපන, රැකී රක්ෂා හා මිනිස් බල අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහි දී ප‍්‍රසන්න රණතුංග මහතා අතින් සිදු කෙරිණි.

බස්නාහිර පළාත් කාර්ය මණ්ඩලය තමන්ට දුන් හොඳම උපහාරය වන්නේ පළාත් සභාව තුළ කටයුතු කිරීමේ දී ලබාදුන් සහයෝගය බවත් එය කිසිදිනෙක අමතක නොකරන බවත් ප‍්‍රසන්න රණතුංග මහතා පැවසී ය.

Rate this item
(0 votes)