May 07, 2024

පනාගොඩ හමුදා කඳවුරට නව කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාවක් 

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් පසුගිය දා විවෘත කෙරිණි.

දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකළ මෙහි සාමාජිකයින් 175 දෙනෙකු වෙනුවෙන් අවැසි පහසුකම් සපයා ඇත.

මෙම කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව ඉදිකිරීම පාබල හමුදා රෙජිමේන්තුවේ වත්මන් සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා සිය රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා දියත් කළ ව්‍යාපෘතිවල එක් ප්‍රතිඵලයකි.

මේ සඳහා පැවති උත්සව අවස්ථාවේ දී 2014 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ පාබල හමුදා නිලධාරී සහ සෙසු නිලයන්ගේ දූ දරුවන් 94 දෙනෙක් වෙත ත්‍යාග පිරිනැමීම ද යුද හමුදාපතිතුමා අතින් සිදු කෙරිණි.

පාබල හමුදා රෙජිමේන්තු සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.

Rate this item
(0 votes)