May 06, 2024

සරණ ගුණවර්ධන රිමාන්ඩ්

පසුගිය මැතිවරණ සමයේ තරුණයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කළාය.

සරණ ගුණවර්ධන මහතා ඇතුළු තිදෙනෙකු මෙලෙස රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද(24) සරණ ගුණවර්ධන මහතා පොලීසියට කැඳවා තිබිණි. 

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ මැතිවරණ පැමිණිල්ලක් මත සරණ ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබූ බවත් පසුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.

මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුගේ බිරිය චිනාරි ගුණවර්ධන මහත්මියගේ නම සහිත කොඩි කණු මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටුවනවාට විරුද්ධ වු තරුණයකුට ගම්පහ අධිකරණය ඉදිරිපිටදී පහර දී ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

පහර කෑ බව කියන තරුණයා දින දෙකක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 August 2015 09:46