April 28, 2024

නීශා බිස්වාල් දිවයිනට එයි

අමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් හෙට (25) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

පසුගිය මැයි 02 වැනිදා අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරි පියවරක් ලෙස බිස්වාල් දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

බිස්වාල් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය  වන අතර මෙහිදී ඇය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා  පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්ගැන ත‍්‍රි පුද්ගල එක්සත් ජාතීන් විද්වත් කමිටුව මෙරට සම්බන්ධයෙන් පැවැත්වු පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන මස එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී බිස්වාල් මහත්මිය මෙරටට පැමිණෙයි. 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් මීට සති කිහිපයට පෙර ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ අතර මහ මැතිවරණය පැවැත්වීම නිසා එය කල් දැමිණි.

Rate this item
(0 votes)