April 27, 2024

'විපක්‍ෂ නායක ධූරය අපිටයි' - දෙමළ ජාතික සන්ධානය 

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරය දෙමළ ජාතික සන්ධානයට හිමිවිය යුතු බවටත් එය දැඩි බලාපොරොත්තුවකින් යුතුව සිටින බවට මෙවර වන්නි දිස්ත‍්‍රික්කයෙන් දෙමළ ජාතික සන්ධානයට තේරී පත්වූ සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා පැවසුවේය.

නව පාර්ලිමේන්තුව හා ජාතික ආණ්ඩුව පිළිබඳව විමසීමේදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කර සිටි සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියේ “අලූතින් පත්වූ පාර්ලිමේන්තුව තුලින් ජාතික ආණ්ඩුවක් පිහිටුවල තියෙන්නේ. මේනිසා පාර්ලිමේන්තුවට ප‍්‍රබල විපක්‍ෂයක් ඕන වෙනවා. ඒ විපක්ක්‍ෂ නායක ධූරයට දෙමළ ජාතික සන්ධානයට ඕන තරම් සුදුසුකම් තියෙනවා. අනික අපි මේ වෙනකොට තුන්වන බලවේගය විදිහට තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.“

“මීට පෙරත් පාර්ලිමේන්තුව ජාතික ආණ්ඩුවක් පිහිටවපු අවස්ථාවේදී අපිටයි විපක්‍ෂනායක ධූරය දෙන්න තිබුනේ. නමුත් ඒ වෙලාවේදී ඒක දුන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානය විසින් දැන් ඒක ලබාගන්න තවත් සුදුසුකම් මේ මැතිවරණයේදී ලබල තියෙන්නේ. දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂ නායකධූරය ගන්න එකත් වැදගත් අපි ඒ අවස්ථාව ලබා ගන්න දැන් දැඩි බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ ඒ නිසා ඒක අපිට ලැබෙයි කියා අප හිතනවා.“

දිනසේන රතුගමගේ

 

Rate this item
(0 votes)