May 04, 2024

තෙවැනි කුඹල් පෙරහැර අද 

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහැර අද (22) වීදී සංචාරය කිරීමට නියමිතයි.

දළදා මැදුර අභියසින් රාත්‍රී 06.50 දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදෙයි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඉකුත් 20 වැනි දා ආරම්භ වූ අතර එය 24 වැනි දා දක්වා පැවැත් වේ. 

පළමු රන්දෝලි පෙරහැර එළැඹෙන 25 වැනි දා ආරම්භවන අතර අවසන් රන්දෝලි පෙරහර 29 වැනි දා රාත්‍රී වීදි සංචාරය කෙරේ. 26 වැනි දා පැවැත්වෙන දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරු ව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් වේ.

Rate this item
(0 votes)