May 07, 2024

බසය අඩි 50 ක ප්‍රපාතයේ - 10 දෙනෙකු රෝහලේ (PHOTOS)

හොරණ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් ප‍්‍රදේශයේ දී අඩි 50 ක පමණ ප‍්‍රපාථයකට පෙරලීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා තිබේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථයේ රියැදුරු අසුන අසල තිබෙන දොර විවර වී රියදුරු බස් රථයෙන් ඉවතට විසිවීමත් සමගම බස් රථය රියැදුරාගෙන් මිදී ඉදිරියට ධාවනය වී ප‍්‍රපාථයට පෙරලී ඇති බව හැටන් පොලීසිය පවසයි.

එම පිරිස නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරයක් සඳහා යමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් වටවල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

එම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හැටන් පොලීසිය විසින් සිදු කරයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)