May 06, 2024

ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,907 කදී

ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට සහ ජාතික පාසල්, ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (23) මධ්‍යස්ථාන 2,907ක දී පැවැත් වේ.

අයැදුම්කරුවන් 3,400,930 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටින අතර 23 වැනි දා පෙරවරු 09.30 ට එම විභාගය ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

යම් අක්‍රමිකතාවක් සිදු වුවහොත් ඒ පිළිබඳ 0112 784208 හෝ 0112 784537 හෝ 1911 දුරකතන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවට සහ 0112 421111 හෝ 119 යන දුරකතන අංක මගින් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

 

Rate this item
(0 votes)