May 06, 2024

'හඳුන්නෙත්ති ගත්තේ ජනතා ඉල්ලීම නිසයි' - ටිල්වින්

ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ මැතිවරණයෙන් පසු ජනතාවගෙන් ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් වග එම පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

හඳුන්නෙත්ති මහතා පරාජිත අපේක්ෂකයකු ලෙස පිළිගත නොහැකි අතර ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවුනේ මනාප අඩු වීමෙන් නොව පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය මදක් අඩුවීම නිසා බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)