May 03, 2024

ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිප - එජාප ගිවිසුම අත්සන් කරයි

ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර මීට සුළු මොහොතකට පෙර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

එම ගිවිසුම සඳහා ශ්‍රීලනිප වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා හා එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා විසින් අත්සන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිමෙන් අනතුරුව මෙම ගිවිසුම අත්සන් කළේය. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 August 2015 17:08