May 08, 2024

අධිවේගයේ වාහන 05 ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ අතර ප්‍රදේශයේ දී 28.9 කිලෝමීටර් කණුව අසල වාහන 05ක් එකිනෙක ගැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවන තීරුවේ දැඩි වාහන තදබදයක් ඇති වී ඇතැයි වාර්තා වේ.

කළුතර - බිමල් ජයසිංහ

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2015 14:14