May 04, 2024

සංගාට ජනපතිගෙන් තනතුරක් - හෙට ක්‍රිකට් පිටියෙන් සමුගනී (PHOTOS)

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීන ක්‍රිරකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කර ඇති අතර එම ධූරය පිළිබද අක්තපත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුලු එහි සාමාජිකයින්ද කුමාර සංගක්කාර මහතාගේ බිරිද ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් තරගය වන සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (20) කොළඹ ඕවල් පිටියේදී ආරම්භ වීමට නියමිතය. 

මෙම තරගයෙන් අනතුරුවන ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සංගා නිල වශයෙන් නිවේදනය කර තිබේ.  

 

Rate this item
(0 votes)