May 04, 2024

රනිල් - විමල් පළමු තැනට - කොළඹ මනාප ප්‍රතිඵල  

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව පෙරමුණ ගැනීමට එජාපයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් හා සන්ධානයෙන් විමල් වීරවංශ මහතාත් සමත්ව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566 ක් ලබා ගැනීමට සමත්ව තිබෙන අතර මෙය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලැබූ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස මැතිවරණ ඉතිහාසයට එක්වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සන්ධානයෙන් වැඩිම මනාප ලබාගෙන ඇති විමල් වීරවංශ මහතා 313,801 ක් ලබාගෙන තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මනාප 65,966ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල පහතින්

එජාප මනාප  - මන්ත්‍රීධුර 11

රනිල් වික්‍රමසිංහ 500,566

සුජීව සේනසිංහ 117,049 

හර්ෂද සිල්වා 114,148  

රවී කරුණානායක 111,394  

පාඨලී චම්පික රණවක 100444

එස්.එම්. මරික්කාර් 92,526 

මුජිබර් රහුමන්  83,884 

ඉරාන් වික්‍රමරත්න 82,738

විජේදාස රාජපක්ෂ 81,758

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584

මනෝ ගනේෂන් 69,064

 

සන්ධානය -  07

විමල් වීරවංශ 3 13,801

උදය ගම්මන්පිල198,818

සුසිල් ප්‍රේමජයන්ත 174,075

දිනේෂ් ගුණවර්ධන 124,451

බන්දුල ගුණවර්ධන  96,057

මොහාන් ලාල් ග්‍රේරු මහතා මනාප 65,703

ගාමිණී ලොකුගේ  58,527

 

ජනතා විමුක්ති පෙරමුණ - 01

 අනුර කුමාර දිසානායක  65,966 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 August 2015 11:01