May 04, 2024

නව ආණ්ඩුවට සහය දෙන්න දෙමළ සන්ධානය සූදානම්

මේ වසරේ ජනවාරි 08 වැනිදා ජනතාව විසින් හිටපු ජනාධිපති ඉවත් කර නව ජනාධිපතිවරයෙකු පත් කළේ නිසි ආණ්ඩුවක් පිහිටුවීමට බැවින් සිය පක්ෂය අලුත් ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකමුතුව එක් ආණ්ඩුවක් පිහිටුවීමට සැමට කර ඇති ආරාධනාව පිළිගෙන අලුත් ආණ්ඩුව සමග එක්වන්නේදැයි කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජනතාව තවත් වතාවක් තම පක්ෂයට බලය ලබා දී ඇති බවත් එමගින් ජනතාව සිය පක්ෂය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනතා තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සිය පක්ෂය නව ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති නමුත් නව ආණ්ඩුවේ ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)