May 16, 2024

'සෙංකෝලය අරන් සූරියවැව ක්‍රීඩාංගණය වටේ දුවන්න' - අගමැතිගෙන් අපූරු කතාවක් (VIDEO)

කවුරුවත් සෙංකෝලය අරගෙන දුවන්න අවශ්‍ය නැති බවත් අවශ්‍යනම් සෙංකෝලය අරගෙන සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වටේ දුවන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ය.  

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය දා බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය.

එහිදී අගමැතිවරයා මෙසේ ද පැවසීය.

"අද එක්සත් ජාතික පක්ෂය කියන්නේ තනි යූඑන්පී අය විතරක් නෙවෙයි. අපි ඔක්කොම එකතු වුණා. මේ විප්ලවය ආරක්ෂා කරලා වෙනසක් කරන්න ඕන නිසා. රාජපක්ෂ රෙජීමයේ ප්‍රතිවිප්ලවය කඩාකප්පල් කරන්න ඕන නිසා. නැති කරන්න ඕන නිසා. වරක් රට වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න, දැන් අපි එකතු වෙලා තියෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුවට පුළුවන් මේකට නායකත්වය දෙන්න, යුතුකමක් තියෙනවා. මේ රටේ ඡන්දදායකයින් බහුතරයක් ඡන්දෙ දීලා මේක පිළි අරගෙන අපිට අවස්ථාව දෙන්න පාර්ලිමේන්තුවට ගිහින් ඉදිරිපත් කරන්න.“ යැයි ද ඔහු පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 July 2015 12:15