May 02, 2024

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් ගෙවිම 24 වැනිදා සිට

නව රජයේ අතුරු අය වැය මගින් මුදල් අමාත්‍ය රවි කරුණානායක  මහතා විසින් යෝජනා කල පරිදි අක්‍රියව පවතින ගෝල්ඩන් කී සමාගමේ  තැන්පත්කරුවන්ට එම මුදල් රජය විසින් ආපසු ලබාදිම ලබන 24 වැනි දා  සිදු කෙරේ.

ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන් විසින් දිර්ඝ කාලිනව මුහුණ  දෙන ගැටලුවලට විසදුම් වශයෙන් ඔවුන්ගේ තැන්පත් මුදල් රජය මගින්   ආපසු ගෙවිම පිලිබඳව මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ගෙවිම් ලේඛණයට පසුගිය සතියේ දි අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය  ලැබිණි. 

ඒ අනුව රුපියල් විසි ලක්ෂයක් දක්වා වු තැන්පත්කරුවන් වෙත එම මුදල්  ජුලි 24 වැනි දා පටන් මසක් ඇතුළත ගෙවනු ලැබේ. මෙම මුල් කොටස  ගෙවිම සඳහා අවශ්‍යවන රුපියල් මිලියන 544.3ක මුදල මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන්  ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවතින බැවින් අධිකරණයේ අනුමැතිය  ඇතිව ගෝල්ඩන් කී සමාගමට අයත් වත්කම් බැහැර කිරීමෙන් මුදල් ආපසු  අයකරගැනිමට කටයුතු කරනු ලැබේ.

මීට අමතරව රුපියල් මිලියන දහයකට අඩු තැන්පතුකරුවන් වෙත  ඔවුන්ගේ මුදල් ඉදිරි මාස දෙකක් ඇතුළත ගෙවිමටත් රුපියල් මිලියන  දහයට වැඩි තැන්පත්කරුවන්ට ඉදිරි වසරක් ඇතුළත ගෙවිම් කිරිමටත්  රජය තීරණය කර ඇත. 

ගෝල්ඩන් කී තැන්පත්කරුවන් විසින් පවරනලද නඩුව අවස්ථාවේදි  තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ ගිණුම් ශේෂයෙන් 41% ප්‍රමාණයක මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබුණි.  

ඒ අනුව ගිණුම් ශේෂය පිළිබඳ සැලකිල්ලක් නොගෙන මෙම වසරේ  ජනවාරියේ දි සියළු තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ තුනක  උපරිමයට යටත්ව ගෙවිම් කරන ලදී.

 

Rate this item
(0 votes)