May 02, 2024

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය වන පංච මහා සංවර්ධන සැලැස්ම අද (23) එළිදැක්වීමට නියමිතය.

පවුලේ ආදායම ඉහළ නැංවීම, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වර්ධනය කිරීම, නිදහස් අධ්‍යාපනය, වංචා දූෂණ සොරකම් වැළැක්වීම මුල්කොට මෙම පංච මහා සංවර්ධන සැලැස්ම සකස් කර තිබේ.

මේ අතර ජන ජීවිතයට ප්‍රශ්න හා ගැටලුවලට ඉදිරි පස් වසරේදී ලබාදෙන විසඳුම්ද මෙම සැලැස්මට ඇතුළත් වේ.

රට තුළ සැබෑ වෙනසක් සිදු කිරීම සඳහා එයට සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතු බව ද එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 20 වැනිදා හෙට්ටිපොල පැවති ජන හමුවකදී පැවසීය.

සබැඳි පුවත් - 

එක්සත් ජාතික පෙරමුණේ පංචවිධ ක්‍රියාවලිය එළි දැක් වේ

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 July 2015 11:26