May 03, 2024

තිස්ස නව පක්ෂයක් පිහිටුවයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (22) නව පක්ෂයක් පිහිටුවී ය.

ඒ එක්සත් පුරවැසි පෙරමුණ නමින් ය.

යහපාලන බොරුව ගැන කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ වෙනත් දේශපාලන මත දරන සියලු දෙනාටම විවෘත වේදිකාවක් නිර්මාණය කරන්න උත්සාහ කරන බව අත්තනායක මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

"මෙම පක්ෂයේ මූලික පදනම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. එක පැත්තකින් වෙළඳ ආර්ථිකය පිළිගන්නවා, තව පැත්තකින් සුබ සාධන ආර්ථිකය යටපත් නොකර ඒ සමග මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

වීඩියෝව පහතින් නරඹන්න.

(වීඩියෝ - ලංකාදීප)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 July 2015 17:19