May 02, 2024

ජාතික පාසල් ගුරු මාරු අයදුම්පත් කැඳවයි

2016 වර්ෂය සඳහා ස්ථාන මාරු අපේක්ෂා කරන ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලී මාරසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් හා ආකෘති පත්‍ර සියලුම ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බව ද ලේකම්වරයා සඳහන් කරයි. 

ස්ථාන මාරු සඳහා නියමිත ස්ථාන මාරු ආකෘති පත්‍රය මඟින් පමණක් ඉල්ලුම් කළ යුතු අතර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2015.09.11 දිනට ප්‍රථම ‘ජාතික පාසල් අධ්‍යක්ෂ, ගුරු ස්ථාන මාරු ඒකකය, ඉසුරුපාය, බත්තරමුල්ල‘ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමට කටයුතු කළ යුතු බව ද ලේකම්වරයා පෙන්වා දෙයි. 

වාර්ෂික ස්ථාන මාරු සඳහා ඉදිරිපත් වන අයදුම්පත් සලකා බැලීම සඳහා වන ගුරුමාරු මණ්ඩල රැස්වීම් පවත්වා ලබාගන්නා නිර්දේශ මත 2015 දෙසැම්බර් මාසයේ දී ස්ථාන මාරු නියෝග ලබාදීම සඳහා කටයුතු සම්පාදනය වෙමින් පවතී. 

මේ සම්බන්ධයෙන් වන විමසීම් දූරකතන අංක 011 2784434 මඟින් සිදු කළ හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)