May 03, 2024

රුපියල් මිලියන 5000ක් ඉල්ලා රවීගෙන් මහින්දට තවත් එන්තරවාසියක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ අසත්‍ය පතුරවමින් සිටින බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යළිත් වරක් ඔහු ජනතාව මුලා කිරීමට උත්සහ දරමින් සිටින බවයි.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(22) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සිටියා.

එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා 

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියලා තියෙනවා මූල්‍ය අපරාධ චෝදනා කියලා මුදල් ඇමැති කෙනෙක් දැන් ඉන්නේ කියලා. එයාට කියන්න ඕන අපි මේ පිරිසිදු පාලනයක් ගෙන යන්නේ. එයාට තියෙන චෝදනාවලට අපිට ගාවන්න හදන්න එපා කියල. මෙහෙම අපහාස කළාට රුපියල් මිලියන 5000 ක එන්තර වාසියක් යවනවා.  ඒ ප්‍රකාශ කරපු පත්තරේටත් එක්ක. රටට බොරු කරන්න එපා කියල තමයි මේ පරාජිතයන්ගෙන් අපට ඉල්ලන්න තියෙන්නෙ.“ 

“අපි මහත්මා දේශපාලනයක නිරත වන නිසා තමයි පුද්ගලයන්ගේ නම් ප්‍රකාශ කරල චෝදනා කරන්නෙ නැත්තෙ. අවශ්‍ය නම් සිරිලිය ගිණුම ගැන විස්තර දෙන්න අපි ලෑස්තියි. කොහොමද ඒ ගිණුමේ අංක හැදුනේ කියලා රටට හෙළි කරන්න අපට පුලුවන්. ඒ දූෂණ එහෙම ම තියාගෙන ගිණුම ගැන විස්තර දීපු අහිංසක මිනිස්සුන්ට රක්ෂාවල් නැති කරන්න හදනවා. ඊට කලින් ඒ ගිණූම් හදපු අයට  එරෙහිව විධිමත් පරික්ෂණයක් කරන්න.“ යැයිද අමාත්‍යවරයා පැවසී ය. 

 

Rate this item
(0 votes)