May 03, 2024

සන්ධාන නායකයින් විශේෂ සමුළුවක් කැඳවීමේ සූදානමක් (AUDIO) 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෙටුම්පත තමන්ට ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජනිස රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක වාසුදේව නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඒ අනුව තව සතියක් ඇතුළත සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සන්ධානයේ විශේෂ සමුළුවක් පවත්වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් නොවුණත්, ඊට අන්තර්ගත සංයුක්ත යෝජනා ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. 

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති විශේෂත්වය වන්නේ එම කරුණු ඉටු කිරීම පිළිබඳ අධීක්ෂණ හා පසුවිපරම් කිරීමේ කමිටුවක් පත් කිරීමට අදාලව යෝජනාවක්ද ඇතුළත් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

එම හඩ පටය පහතින්.

 

Rate this item
(0 votes)