May 02, 2024

පිච්චමල් පූජාවට විශේෂ දුම්රියක් 

අනුරාධපුරයේ පැවැත්වෙන පිච්චමල් පූජාව සඳහා සහභාගීවන බැතිමතුන්ගේ පහසුව සඳහා හෙට (24) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ අනුව 24 වැනි දා සිට 26 වැනි දා දක්වා කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වාත්, කොටුව දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වාත් ධාවනයවන ශීඝ්‍රගාමී දුම්රිය 02 ට අමතර මැදිරි එක්කර ඇති බව දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා ප්‍රකාශ කරයි.

මීට අමතර ව වවුනියාව හා මාතර අතර ධාවනයවන රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රියට ද අමතර මැදිරි එක්කර තිබේ. 25 වැනි දා පෙරවරු 06.30 ට සහ 07.50 ට කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වාත්, 26 වැනි දා අලුයම 01.40 ට හා පෙරවරු 09.30 ට අනුරාධපුර සිට කොටුව දුම්රිය ස්ථානය දක්වාත් විශේෂ දුම්රිය 02 ක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේ ය. 

 

Rate this item
(0 votes)