May 07, 2024

මහින්දට සිංහල ජනතාවගේ ප්‍රසාදය නැතිවෙන බව හකීම් කියයි 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිංහල ජනතාව තුළ තිබූ 53% ක ප‍්‍රසාදය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රකාශයත් සමග 43% දක්වා පහළ වැටී ඇති බවත් එය තව දුරටත් ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බවත් සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් ප‍්‍රකාශ කළේ ය.

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී පැවැති ජන හමු අමතමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කර තිබේ. 

වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ සම්මත කර ගැනීමට අපේක්ෂා කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය දැරූ මතයට දැඩි ලෙස විරුද්ධ වූ අමාත්‍යවරුවන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න වැනි අය ද එක්සත් ජාතික පෙරමුණත් සමග එක් ව සිටීම විශාල ජයග‍්‍රහණයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)