May 07, 2024

"රාජපක්ෂ භූතයා අල්ලා බෝතලේක දමා මුහුදට විසි කළා" - ෆොන්සේකා

පසුගිය ජනවාරි 8 වෙනි දා මහින්ද රාජපක්ෂ නමැති භූතයා අල්ලා බෝතලයක දමා මුහුදට දැමූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ ය. එසේම විවිධ බඩගෝස්තරවාදීන් එම භූතයාව නැවත ගෙන්වීමට උත්සහ කරන නමුත් ලබන අගෝස්තු 17 වෙනි දාට ඒ බඩගෝස්තරවාදී දේශපාලනය මුලිනුපුටා දැමීමට තමන් ඇතුළු පිරිස සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ ඊයේ (20) සවස අවිස්සාවේල්ලේ දී පැවැත්වුණු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනි.

මෙම රැළිය, එම පක්ෂයේ අවිස්සාවේල්ල සංවිධායිකා ඉන්ද්‍රාණී සෙනෙහෙලතා මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට දනුන තිලකරත්න මහතා සහ ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේ යන අපේක්ෂකයින් ද සහභාගී විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 July 2015 14:52