May 06, 2024

රනිල්ගේ හඳහන ගැන රෝහිතගෙන් හෙළිදරව්වක්

"කළුතර දිස්ත්‍රික්කයේ පක්ෂ 10 ක් මාරු කළ මහත්තයෙකුත් ඉන්නවා. ඒ මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය උසාවි නියෝගයකින් අහිමි කර ගත්තා. එහෙම වැරදි කළ අයත් අද අනුන්ට හොරු කියනවා" යනුවෙන් හිටපු අමාත්‍ය කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

කළුතර දිස්ත්‍රික් ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් රෝහිත අබේගුණවර්ධන මහතා පසුගිය දා බුලත්සිංහල දී මෙසේ ද පැවසි ය.

"රනිල් වික්‍රමසිංහ යන වේදිකාවට ඉන්න සෙනග සහ මහින්ද රාජපක්ෂ යන වේදිකාවේ ඉන්න සෙනග ගත්තම රනිල් මහත්තයා විපක්ෂයේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුවේ බව ඉතා පැහැදිලීයී. රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට පැන්ෂන් යන්නලු. පැරදුනා නම් ගෙදර ඉන්න ඕනලු. එහෙම කියන එකේ වඩාත් හොඳ රනිල් වික්‍රමසිංහ ගෙදර හිටියා නම් නේද? ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පරාදයි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයව මේ රටේ ජනතාව ඉන්න තුරු ගෙදර යවන්න දෙන්නේ නැහැ. අගෝස්තු 18 වැනි දා එළිවෙනකොට ඒක ඔප්පු කරලා පෙන්වනවා. අගෝස්තු 18 එළිවෙනකොට මේ රටේ විධායක අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ කියලා අපි බොහොම වගකීමෙන් කියනවා." 

"රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් අරගෙන දිගු කලක් ඉන්න බැරි බව එයාගේ හඳහනෙත් තියෙනවා. 2001 ඉඳලා අවුරුදු එකහමාරයි. ඒ ආණ්ඩුව ඉවරයි. ඊළඟට මේ මාස 06 ක පොඩි මෝඩ චූන් එකක් ගත්තා. අගෝස්තු 18 වැනිදායින් ඒකත් ඉවරයි. මේකත් පිනට ලැබුණු එකක්. කල් ඉකුත් වෙන්න යන ෂැම්පු බෝතල් එක්ක සබන් කැටයක් ඔතලා දෙනවා වගේ දෙයක්." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 July 2015 15:14