May 07, 2024

බදුල්ලේ ගින්නක් 

බදුල්ල, ගල්කන්ද, පිටපොල කන්ද රක්ෂිතයේ ඉහළ කොටසේ ඊයේ (20) රාත‍්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර 05 ක පමණ වූ කැලෑ භූමියක් විනාශ වී ඇත.

පිටපොල කන්දේ ඉහළ කොටසේ මෙම ගින්න හටගෙන ඇති අතර අද (21) බදුල්ල පොලීසිය සහ ප‍්‍රදේශවාසින් එක් ව ගින්න මැඩලීමට කටයුතු කර තිබේ.

ගල්කන්දේ ඉහල කොටසේ ඇති නිවාසවලට සහ පිටපොල කන්දේ ඇති නිවාසවලට මෙම ගින්න හේතුවෙන් තර්ජනයක් එල්ල වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. 

ඉතා සංවේදී පරිසරයක කලාපයක් වූ මෙහි ජල උල්පත් බොහෝමයක් ද පිහිටා ඇති බව පරිසරවේදීහු පවසති. කිසිවෙකු විසින් තැබු ගින්නක් මෙසේ පැතිර යන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.  

බදුල්ල - පාලිත ආරියවංශ 

 

Rate this item
(0 votes)