May 06, 2024

කුඩු දේශපාලනයට එරෙහි වූ වෛද්‍යවරයාට රට හැරයාමට සිදු වේ

මත්කුඩු චෝදනාවන්ට ලක් වූ පුද්ගලයින්ට මෙවර මහමැතිවරණයේ දී අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙස තමා හඬ නැගීමත් සමඟ එල්ල වන තර්ජන හමුවේ අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා රට හැර යැමේ සූදානමක්‌ පවතින බව පැවසේ.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ගේ රාගම නිවසට අවස්‌ථා දෙකක දී යතුරුපැදියකින් පැමිණ තර්ජනය කර ඇති අතර ඒ මහතා මහතා රාගම පොලිසියට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධ සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආරක්‍ෂාව ලබාදෙන ලෙස ඒ මහතා පොලිස්‌පතිවරයාගෙන් හා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් මේ වනතෙක්‌ ඒ මහතාට ආරක්‍ෂාවක්‌ ලැබී නැති බව මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ද ලිපි යොමුකළ බව මාධ්‍ය වෙත පවසා ඇති වෛද්‍ය සමරසිංහ මහතාට මේ වන විට කටාර් සහ ප්‍රංශයෙන් තමාට ආරාධනා ලැබී ඇති බව ද ප්‍රකාශ කොට ඇත.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 July 2015 00:36