May 01, 2024

ප්‍රසන්නට හා බිරිඳට අද FCIDයෙන් කැඳවීමක්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳ වන මොරින් රණතුංග මහත්මියට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව අද (20) පෙරවරු 9.00 ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන්නැයි දන්වා තිබේ. 

මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකදී මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි සඳහන් පැමිණිල්ලක් මත මොරින් රණතුංග මහත්මියගෙන් මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

මේ අතර ප්‍රසන්න රණතුංග මහතාට ද පසුගිය 10 වැනිදා මූල්‍ය විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස දන්වා තිබුණු අතර, නාමයෝජනා සැකසීමේ කටයුතුවලට සම්බන්ධවීමට අවශ්‍ය බව දන්වා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කරන ලද ඉල්ලීමක් මත ප්‍රකාශය සටහන් කරගැනීම කල්දැමීමට පොලීසිය කටයුතු කළේය. 

ප්‍රසන්න රණතුංග මහතා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අවසර දෙන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියද ඊට අවසර නොලැබුණි. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 20 July 2015 09:11