May 01, 2024

"LTTE සංවිධානයට අදටත් විරුද්ධ නැහැ" - ආනන්ද සංගරී

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මගින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකුට නාම යෝජනා ලබා දීමට තමන් ඉඩ දුන් බව එම පක්ෂයේ නායක ආනන්ද සංගරී මහතා පවසන අතර එල්ටීටීඊ සංවිධානයට තමන් අදටත් විරුද්ධ නැතත් ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එදා සිටම විරුද්ධ වූ බව ද සංගරී මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ වවුනියාවේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලයේ දී බීබීසි ලෝක සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

එල්ටීටීඊ දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසඳීමට නායකත්වය ගෙන කටයුතු කළත් ඔවුන් අනුගමනය කළේ තුවක්කු සංස්කෘතියක් බැවින් තමන් ඊට එරෙහි වූ බවයි ආනන්ද සංගරී කියා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 July 2015 10:00