May 01, 2024

අති විශාල ග්‍රහකයක් අද රාත්‍රියේ පෘථිවියට සමීප වේ (VIDEO)

ප්‍රමාණයෙන් ඉතා විශාල ග්‍රහකයක් අද (19) රාත්‍රියේ පෘථිවිය සමීප වන අතර UW158 ලෙස නම් කර ඇති මෙම උල්කාව ටොන් මිලියන 90 ක් බරැති බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙහි ඩොලර් ට්‍රිලියන 5 ක් පමණ වටිනා ප්ලැටිනම් අඩංගුව තිබේ යැයි විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ.

ග්‍රහකය අද රාත්‍රියේ දී පෘථිවියට ආසන්නතම ග්‍රහලෝකයටත් වඩා තිස් ගුණයක් ආසන්නයෙන් ගමන් කරන බවයි බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන අතර මෙවැනි උල්කාවල අඩංගු වටිනා ලෝහ නුදුරේදීම පෘථිවි වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා යොදගත හැකි ක්‍රමවේදයක් ගොඩනැගීමේ හැකියාව ඇති බව ද ඔවුන් ප්‍රකාශ කරයි.

මෙම ග්‍රහකය පෘථිවිය පසුකර යන ආකාරය වයඹ දිග අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් වූ කැනේරි දූපත්වල පිහිටුවා ඇති දුරේක්ෂ උපයෝගී කරගෙන අන්තර්ජාලය ඔස්සේ සජීවි ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 19 July 2015 22:12