May 01, 2024

කෘමි උවදුරෙන් අස්වැන්න විනාශයි

“පුරුක් පණූවන්” සහ “මයිටා” නම් කෘමීන් හානි කිරීම හේතුවෙන් හලාවත - ආනවිළුන්දාව වැව යටතේ වගා කටයුතු කර ඇති කුඹුරුයාය සම්පූර්ණයෙන්ම විනාශ වන්නට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

ආනවිළුන්දාව වැව යටතේ කුඹුරු අක්කර 350 ක් වගා කළ හැකි නමුත් මෙවර වගා කර ඇත්තේ අක්කර 280 ක් පමණක් වන අතර යාය පුරා ඇති ගොයම් වගාවන් මේ වන විට “සුදු පැහැ” ගැන්වී ගොයම බොල් වී ඇති බව පැවසේ.

වෙනත් කන්න වලදී අක්කරයකට වී බුසල් 110 ක් පමණ ලබා ගත්තත් මේ ගැටළුව හේතුවෙන් මෙම කන්නයේ අක්කරයකට වී බුසල් 40ක් හෝ ලබා ගැනීම ගැටළුවක් බව ගොවීන් පවසයි.

කෘෂිකර්ම නිලධාරීන් නිර්දේශ කළ කෘමි නාශක යෙදුවත් ‍රෝගය පාලනය වී නොමැති බවත් ගොවීන් පවසයි.

Rate this item
(0 votes)