May 02, 2024

නව ගුවන් පාලම් තුනක්

රාජගිරිය මංසන්ධියේ මංතීරු 04 කින් යුත් ගුවන් පාලමක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

එසේ ම දුම්රිය ගේට්ටු වැසීම හේතුවෙන් ඇතිවන දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා ගණේමුල්ල සහ පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගවලට ඉහළින් මංතීරු 02 කින් යුත් ගුවන් පාලම් 02 ක් ඉදි කිරීමට ද රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා ස්පාඤ්ඤ රජය සමග සහ ස්පාඤයේ BBVA බැංකුව සමග ගිවිසුම්වලට එළැඹීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී තිබේ.

 

Rate this item
(0 votes)