May 02, 2024

සන්ධානයට සහය දෙන්නේ කොන්දේසි සහිතව යි - තොන්ඩමාන් (PHOTOS)

මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කිරීමට තීරණය කලේ සන්ධානය සමග ඇති කරගත් කොන්දේසි ගණනාවක් සහිතව බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් ආරුමුගන් තොන්ඩමාන් මහතා ප්‍රකාශ කළේ ය.

තොන්ඩමාන් මහතා ඒ බව පැවසුවේ ඊයේ (17) පස්වරුවේ කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් මූලස්ථානයේ පැවති එම පක්ෂයේ ප‍්‍රාදේශීය නායකයින් දැණුවත් කිරීමේ මැතිවරණ රැස්වීමකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආරුමුගන් තොන්ඩමාන් මහතා පවසා සිටියේ ඉකුත් ජනාධිපති මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වූයේ එය ජනාධිපති මැතිවරණයක් නිසා බවත් මෙවර මහ මැතිවරණය අපගේ මැතිවරණයක් නිසා කොන්දේසි සහිතව සහයෝගය දැක්වීමට තීරණය කළ බවත් ය.

ඊයේ දිනයේ දී වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණගැසී වතුකම්කරුවන්ට පැනනැගී ඇති ගැටලු සහ වතුකරයේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද තොන්ඩමාන් මහතා මෙහි දී පවසා සිටියේ ය.

හැටන් රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)