May 02, 2024

එන්නතක් විෂ වී බිළිඳෙකු මරුට 

ඉප දී මාස 02 න් ලබා දෙන එන්නතක් ලබා දුන් බිළිඳියක එන්නත ලබා දී පැය කීපයකට පසු මරණයට පත් ව තිබේ.

පෝලියෝ එන්නත ලබාදීමෙන් පසු මෙම දරුවා මරණයට පත් වූ බව දෙමව්පියෝ චෝදනා කරති. පිළියන්දල, මාකන්දන, වැලිතොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි දිමානි වංශජා නමැති බිළිඳිය මෙලෙස මරණයට පත් ව තිබේ.

මෙම බිළිඳියට ඉකුත් 16 වැනි දා පෝලියෝ එන්නත ලබා දී ඇත. එදින රාති‍්‍රයේම දරුවා මිය ගොස් ඇති අතර අදාල එන්නත විෂවීම ඊට හේතුව බව දරුවාගේ මව සඳහන් කරයි. 

පිළියන්දල - බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් මෙම එන්නත ලබා දී ඇති අතර අදාල සායනයේ දී පෝලියෝ එන්නත ලබාදුන් සෙසු දරුවන්ට කිසිදු ගැටළුවක් මේ දක්වා සිදු  වී නොමැත.

ඡායාරූප - ලංකාදීප 

 

Rate this item
(0 votes)