May 02, 2024

"පරවාගෙන් පරයා වෙන්කරගන්නත් මට පුළුවන්"  - මහින්ද (VIDEO)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණ තමාගෙන් පක්ෂ නායකත්වය ඉල්ලූ බවත්, එහි දී තමා විසින් එය ලබා දුන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ අදහස් පළ කලේ අද (17) සවස අනුරාධපුරයේ දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළිය අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට තමා සූදානම් වග පැවසූ රාජපක්ෂ මහතා, 1977 සිට 2005 වනතුරු සිටි සෑම රාජ්‍ය නායකයෙකුම ත්‍රස්ථවාදය ඉදිරියේ දණ ගැසූ බව ද ප්‍රකාශ කළේ ය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොටින්ට ආයුධ දුන් බව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විස්න් හමුදා බුද්ධි අංශ නිළධාරීන් කොටින්ට පාවාදුන් බව මතකදැයි ජනතාවගෙන් විමසූ රාජපක්ෂ මහතා පැවසූයේ එවන් ද්‍රෝහිකම් තමන් අතින් සිදු වී නොමැති බවත්, තමා මව්බිමට හෝ ජනතාවට ද්‍රෝහි වී නැති බව යි.

විදේශ බලවේග ඉදිරියේ තමා කොන්ද නොනැමීම සහ තමාට විරුද්ධ මෙරට බලවේග හමුවේ දණින් නොවැටුණු නිසා තම චරිතය ඝාතනය කෙරෙමින් පවතින බව ද රාජපක්ෂ මහතා පැවසුවේ ය.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා සිදු කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, "මේ කරිජ්ජ පාගපු මහින්ද රාජපක්ෂට තෝරාගෙන් මෝරා වෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම පරවාගෙන් පරයා වෙන්කරගන්නත් පුළුවන්." යනුවෙනි.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(4 votes)
Last modified on Sunday, 19 July 2015 12:16