May 02, 2024

'මහින්ද අගමැති පුටුවට යන එක නිත්‍යයයි' - සරත් එන් සිල්වා 

19 වැනි සංශෝධනය යටතේ අගමැතිට ජනපතිට වඩා බලයක් තිබෙන බවත් අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වී ඇති බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මේවන විට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය අමතමිනි.

එහිදී සරත් එන් සිල්වා මහතා මෙසේද පැවසීය.

‘ඒ මහින්ද අද ඇවිත් ඉන්නවා. ඔහු අගමැති පුටුවට යන එක නිත්‍යයයි. දැන් බොරු නීති තර්ක ගේනවා මහින්දට අගමැති වෙන්න බැරි බවට. මහින්ද මැතිතුමනි, 19 වැනි සංශෝධනය යටතේ අගමැතිට තිබෙනවා ජනපතිට වඩා බලයක්. අපි ඔබට වාඩි කරන්නේ සිරිසේනගේ පුටුවේ නොවෙයි. ජනාධිපතිතුමත් කියනවා පොදු පෙරමුණ දිනුවත් වෙනත් කෙනකුට අගමැතිකම දෙන බව. ද්වේශ සහගත ප්‍රකාශයක්. අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වෙලා. මමත් එතුමාට ඡන්දය දුන්නා. මමත් දැන් කළකිරිලා ඉන්නේ. දැන් වෛරී සිරිසේන වෙලා. අපේ බුදු දහම අනුව ඊර්ෂාය වෛරය අපි අගතියට ඇද යන ධර්මතා. ඔබ ගාව එහෙම නෑ.‘

‘අගෝස්තු 17 ඔබ ඉදිරියේ තිබෙන්නේ විකල්ප දෙකයි. ඔබේ අගමැති ලෙස මහින් පත් කරනවාද නැත්නම් රනිල් පත්කරනවා ද කියන එකයි. රනිල් වික්‍රමසිංහත් මේ රට වටේ යන්නේ මහින්ද අත් කර දුන් සාමය නිසයි. අධිවේගී මාර්ගවල බොහොම වේගයෙන් ගිහින් ඇවින් බනිනවා පාරවල්වලින් සල්ලි ගැහුවා කියා.‘ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)