May 02, 2024

නව නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර විශේෂ හමුවක් පැවැත් විය. 

එම හමුව ඊයේ (16) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදු විය. නාවික හමුදාපතිවරයා ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරු ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමු වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙහි දී නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර සිදු වූ නිල හමුවේ දී සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.

 

Rate this item
(0 votes)