වෑබඩ සමාධි අරණ සෙනසුන් වාසී
බොරැල්ලේ සිරි සුමන හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුශාසනාවෙන්
'සමාධි අරණ' දායක සභාව විසින් සංවිධානය කරන වෙසක් මහා පිංකම් මාලාව
මැයි 13 සහ 14 වන (වෙසක් පොහෝ දිනයන්හී දී) සම්බුදු පහසින් ආශීර්වාදය ලත් පූජනීය ශ්‍රී පාද මළුවේදී පැවැත්වේ.
වැඩසටහන
------------
13 වෙනිදා සවස : ශ්‍රී සුමන සමන් දෙවියන් උදෙසා මුරුතැන් පූජාව
13 වෙනිදා සවස: සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට ගිලන්පස වර්ග 108 කින් යුත් ගිලන්පස බුද්ධ පූජාව
14 වෙසක් පෝදා අළුයම: සම්බුදු පද්මයට ක්ෂීරපායාස දානය
14 වෙසක් පෝදා උදෑසන : මහා සංඝරත්නය උදෙසා හීල් දානය
14 වෙසක් පෝදා දහවල: ශ්‍රී පාද පද්මයට ව්‍යංජන 31 සහිත රාජ භෝජන දානය:
14 වෙසක් පෝදා දහවල: සමන් දෙවියන් උදෙසා හත් මාලුව සහිත දේව දානය
14 වෙසක් පෝදා දහවල: මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාව සහ ශ්‍රී පාද පද්මය වන්දනාවට සපැමිණි සැදැහැවතුන් උදෙසා දහවල් දානය
(සුදේශ් කරුණාතිලක)