වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 14 හා 15 දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත් සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට හා සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත් කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මැයි 14 හා 15 දින දෙක වෙසක් දින වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ලබන 11 සිට 17 දින දක්වා කාල සීමාව වෙසක් සතිය ලෙස රජය මඟින් ප්‍රකාශට පත් කර තිබේ.
මෙවර වෙසක් සතියේ තේමාව ලෙස "සුචරිතව ධර්මයෙහි හැසිරෙනු" යන්න රජය විසින් තෝරා ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කරයි.